ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පිළිසිඳ ගැනීම

පිළිසිඳ ගැනීම

කපිල කුමාර කාලිංග
2021-September

තමන් ගැබ්ගෙන ඇතැයි
දැන් වූවාය
ප්ලේටොනික පෙම්වතිය
දුරස්ථ පෙම්වතාට

“මහා පුදුමයකි එය
ලොව සිරිතට පටහැනි
විදු හුරු ද නොවන”

පැවසීය ඔහු.

“එය සැබෑවකි”

ඉඳුරාම පවසයි ඈ

“මා ඔබට ඇති ඉමහත් ප්‍රේමයේ
ඵලයක් ය මේ දරුගැබ”

එවිට පෙම්වත පැවසි
මේ ලෙස

“ඉඳිමු තව දස මසක්
දැක දරු මුහුණු
සැක හැර පියා
පුතෙකු නම්
ප්ලේටෝ යැයි ද
දුවක නම් ප්ලේටොනිකා
යැයි ද තබමු නම්”

සැ .යු:

ඇවැසිය මින්මතු
ප්ලේටොනික ප්‍රේමයට ද
උපත් පාලනයට මගක්
උඩුයටිකුරුව ඇති බැවින්
සියල් ලෝ සිරිත්
වසංගතයෙන් පීඩිතව.