ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පාස්කු

පාස්කු

නුවන් තොටවත්ත
2022-May

පාස්කු
.

කළුවරට බය වෙලා
අඬපු හැටි මතක්වෙන
වෙලාවට ටිකක් දුක හිතෙනවා

අඩි හයක් යට වුනත්
බයනොවී ඒ වගේ
තාත්තේ මං මෙතන ඉන්නවා

එහා පැත්තේ තියෙන
කලුම කලු අඟුරු ගොඩ
ලඟින් හුරු උණුහුමක් දැනෙනවා

අඳුරගනු බැරි වුනත්
බඩගින්න දැනෙනකොට
කිරි ටිකක් දෙන්න දැයි අහනවා