ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පහේ පන්තියෙදි හිතුණා……!!!

පහේ පන්තියෙදි හිතුණා……!!!

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2023-June

පුංචි සන්දියේ මම
අකුරු ලීවෙ ගල්ලෑල්ලෙ….
වැරදුන තැන මගෙ අතින්ම
මකා දමනවා සැනෙකින්……..!!!
තව ඩිංගක් ලොකු උනාම
පැන්සල ලැබුණා ලියන්ට
ඉස්සර වාගේ වැරැද්ද
මකන්ට බෑ මගේ අතින්……!!!!
මකන කෑල්ලක් නැත්නම්
වැරැද්ද මට හදන්ට බෑ……..!!!
ඒ හින්දා වෙනදා වගෙ
වරද්දන්ට නම් බෑ මට…….!!!!
පහේ පන්තියට ආවා…
දැන් ලියන්නෙ මම පෑනෙන්…
ලීවෝතින් ලීවාමයි……..!!!!!!!
ඒ හින්දා එක පාරම
හරි වැරැද්ද තෝරා ගෙන
වරද්දන්නෙ නැතුවම මම
නිවැරදි පිළිතුර ලියන්ට
සිතට ගත්ත හොඳ හැටියට……..!!!!!

උක්දඬුගොඩ,
පෙතියාගොඩ,
ගෙලිඔය. ශ්‍රී ලංකා.
2023. 05. 10