ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පහන් සිළු

පහන් සිළු

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2023-May

පහන් සිළු බෝ මළුව වට
මඳ සුළඟ හා සංවාදයක

සුදෝ සුදු සාධු නාදය
සුළඟ මුසුවන බණ මඩුව
පහන් සිළු අඩක්
සුළඟ හා අමනාපයෙන

ජව සුළඟ පහන් සිළු සොරාගෙන
අවසාන සිළුව
පොරබදියි සුළඟ හා එකලාව

හිස් බෝ මළුව
උරාගත් සඳ වතුර
නිවුණු සිළුවේ සුදු දුම
වියැකෙයි මැදිව සුළඟට