ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පහන් තරුව ඔබ නිදිද ?-

පහන් තරුව ඔබ නිදිද ?-

2023-January

පහන් තරුව ඔබ නිදිද
බුදුන් බුදු වූ ඒ උතුම් දින
දිනමිණට අමතකවද
2009 යේ ඒ වෙසක් දින
පුර පෝය හඳට හොඳින් පෙනෙන
එකදහස් දෙසිය අසූ හතරක් ඉඳුමිණ
රැගත්
මුල්ලිවෛක්කාල් හදවත
සොරා ගත්තද දේවදත්තයන්
අධිකාර සෙබළ හිත
දමා ගසන්නට නාගසාකියන්
ඒ උන්ගේම දෙරණ මත
බලා හිනහෙන්නට හිනහී සැනසෙන්නට
එකින් එක නිවී යන ඒ පහන් සිළු
කූඩු දල්වා තොරණ පෙන්වා
සැදෑ සිතින් දන්සලුත් වැන්ඳා
අමතකද තවම අමතකද
බුදුන්ටත් ගැරහූ ඒ කරුම දින
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
නිදුක් වී සුවපත් ම වෙත්වා

……………….

යාපනයේ ගිනිදැල්
සමානද අවුෂ්විට්ස් වල ගිනිදැල් වලට
ඉදින් මනුසතකු විලසට
කුමද කියනු නොහැකි ඔබට