ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පලස්තිනුවෙකුගේ දින පොතකින්…

පලස්තිනුවෙකුගේ දින පොතකින්…

ආරි ලියනගේ - ඉතාලිය
2023-March

රුසියානු ආක්‍රමණය කුරුරුය
යුක්රේනුවන් හරි අසරණය
කියමින් බලවතුන් බටහිර
ලෝක පොලිස්කරුවා මුල් තැන
අවි ආයුධ ආධාර එක පෙලට
ආක්‍රමණය සැමරුවා
උන්ට අපි ගැන නැහැ දුකක්.

පලස්තිනුවන් දහයක් මරුමුවට
සියයකට වැඩිදෙනෙක් තුවාලය
දරුවන් ලමා-ලපටින් ඒ අතර
යුධ ටැංකි බල ඇණි එකට
ගෙයින් ගෙට ගොසින් සොය සොයා මරණ
නැගුන බුල්ඩෝසර් හඞ
සමතලා විය ගෙවල් එකපිට.

ආරක්ෂාව තහවුරු කරගන්න
පරම අයිතිය යුදෙව්වන්ට ඇත
මහා බලවතුන් නැගුවෙ එක හඞ
හුස්ම තද කලා වාගෙයි
අප ජීවත් වීමෙ අයිතිය.

අඩ සියවසකට වඩා
දුක් විඳින ජාතියක් අප
අපට නැහැ රටක්
ජිවත් වෙන්න තවමත්
ඉඳහිට මහජාති කියන
සාමයත් ලොකු බොරුවක්
මරාගෙන එකිනෙකා
මේ සටනෙ නැහැ නිමක්
පතමි සාමය යුක්රේනුවන් හට
උන්ගෙ සටනත්
රැකගන්න තම රටත් ජාතියත්.