ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පඹයා

පඹයා

නීතීඥ චන්දිම විතානාරච්චි
2021-July

සංචාරක කුරුල්ලන්
අපේ පඹයා
යාළු කරගෙන……
සරුසාර කෙත් බිමේ
අස්වනු හොරා අරගෙන…..!

ඊ ළඟ වතාවේ
කුරුල්ලන්ගේ
රට බලන්නට ……!
පඹයා කැටුව යන්නට…..!
එන තෙක් කුරුල්ලන්
නොඉවසිල්ලෙන් හිඳී පඹයා
ඇඳුම් බෑගය කරේ දාගෙන …..!