ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පන්තියේ කෙලවර පේලියේ

පන්තියේ කෙලවර පේලියේ

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-May

බලන් ඉඳලා,… ඉඳලා
ආව බස් එකට
සෙනඟ අතරින් තෙරපි තෙරපි
එළවලු මල්ලයි වට්ටක්කා ගෙඩියයි
උස්සාගෙන නැග ගත්තේ නැතෑ,..
නැග්ගඋනා,…….
පිටු පසින් ආ,……
තල්ලුවක් එක්ක
සුසිලගෙ කටින් එකයි සිනාව,….

හ්ම්,……
හෙල්ලෙන්නවත් බැහැ
ඒ තරමට තද බදය
තෙරපුම් මැද්දෙ
යාන්තමින් අල්ලාගෙන
හිටියේ අසුනක කොනකින්

සුසිල,…..සුසිල,……
ඉදිරි පෙල අසුනේ යුවතියක්
හැරී බලනවා මගෙ දිහෑ
දෙවියනේ,……

ඒ හඬ,….සිනාව,….
O/L පන්තියෙ අන්තිම පේලියේ
සිටිය පෙරලිකාර කෙල්ලො
රැලක්,…….
මෙ ඉන් එකියක් නේද,…..
ලස්සනට සාරිය ඇඳල
තොල් දෙකත් පාට කරල,….

හොඳට හෝ නරකට
ලැබුනා ඉඩ ටිකක් ඈ ලඟින්
මම දැන් නැටුම් ටීචර් කෙනෙක්
ඈ කටහඬ අවදිකලා
තරමක උජාරුවෙන්,……..

ආ,…..
වට්ටක්කා ගෙඩිය
ඇකයෙන් ගිලිහුණා,……
මම නැගිට වට්ටක්කා ගෙඩියත් අරන්
කඳුළු පිරි දෙනෙතින,…..
සිනාව මැදින්
මෙහා හෝල්ට් එකෙන් බැස්සේ
හිතලම නෙම,…..

ආදි මිතුරියන් සාදයකදී
සුසිල සිනා මැදින්,…..
කතාව රසකර කිව්වත්
පන්තියේ දක්ෂම සිසුවිය
ඇයයි,……
ක්‍රීඩා පිටියේ කැපී පෙනූනෙත්
ඇයයි,…….
O/L හමාර කළ ඇය
බෝඩිමෙන් ගෙදර යද්දී
අපි කවුරුත් හමුවේ කඳුළු සලමින්
සමුගත්තේ ලබන වසරේ,…
හමුවන බලාපොරොත්තුවෙන්,…

අලුත් වසරේ අලුත් පන්තියේ
කවුරුත් වගෙ හිටියත්
සුසිලගෙ සිනහවත් නැහැ
සුසිලත් නැහැ,…….
මුළු පන්තියම පාඵයි
ප්‍රතිඵල පැමිණි දිනයේ,…
සුසිලාගෙ ප්‍රතිඵල ඉහලින්ම

හ්ම් ……!
ඒත් කෝ,……සුසිලා,…..
නිවුස් එකක,……..
ආ,……..
අපි හැමෝගෙම දෑස්
කඳුළුලෙන් පිරැනා
දෙමාපියන්ගේ යෝජනාවට,…….
පවුලේ එකම දරුවා වීම
ඇගේ අභාග්‍යයකි,…….

අද ඈ කනවැන්දුම් කතක්
එහෙත්,……..
ඒ සිනාසෙන හඬ
එදාටත් වඩා අද
කන්කලු යැයි සිතුවෙමි
19/4/2023