ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නෙළුම් සුරඟන

නෙළුම් සුරඟන

චමිලා නවගත්තේගම - ලන්ඩනය
2022-March

නෙළුම් සුරඟන

නෙතඟත් පිරෙයි නුඹෙ වත රන් කමලාන
බඹරුත් ඇවිත් සිප වද දෙයි අවදාන
නැඹුරත් ඇතිව දුව හැම දින මුනිදාන
ගිහිනුත් වදිනු මල් පුද හිස නැමදාන

උවනත් නෙතගෙ රුවගෙන දෙයි කළඹාන
පැහැපත් ගතද පියුමකි එය පිනවාන
බඹරුත් ඇතිද වැව් දිය පිට සගවාන
තඹරත් රැගෙන නුඹ ගෙන යයි කැදවාන

කොළපත් දිළි නිල් රැව දෙන සරසාන
බියපත් ඇතිව සුකුමල වත ගලපාන
පෙලපත් වලට ගරු බුහුමන් කරවාන
මෙහෙමත් හොදද ඇයි තනියම කරබාන

පොහොසත් කමක් ඇද රෙදි පිලි සරසාන
පෙනුනත් අසිරියෙන් මුළු ලොව කළබාන
ඉමහත් සතුට ටික කලකින් සඟවාන
යනවත් ⁣නිසැක බව දැන ගනු අඟවාන

පිපුනත් ගොහොරු මඬ තුල රන් තඹරාන
නුඹවත් ඉතින් ඒ මල් මෙන් කළඹාන
හදවත් වසඟ කර නෙත ගත පුරවාන
මිනිසත් කුලේ නුඹ මගෙ දුව මිනිපහන