ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නෙරූදාට

නෙරූදාට

කපිල කුමාර කාලිංග
2022-March

නෙරූදා කිවිඳ ,
දෙන්න ඔබේ බුරුම පෙම්වතිය මට
ඔබට වැඩිනම්
පෙම්කරන්නම් මා ඇයට
ඇතිතරම් -මුළු හදින් හැකිතරම් .

ඇය ගෙනා සහල් මල්ලත්
ඔබම ගන්න
එපා මට කිසිදෙයක් .
ඔබ ත්‍රස්ත කළ ප්‍රේමයේ අස්වැන්න මම නෙළමි
දෙන්න ඇගේ ඇසේ
සෝ කඳුළු ආපසු
ඈ දෙපතුල ගලා ගිය
දනිමි ඈ වැසුණු ලවන් සිනාගන්වන අයුරු .

නෙරූදා ,
ප්‍රේමයෙන් සැහැසි වූ
බුරුම කොටිදෙන මට දෙන්න
මහද වෙරළට ගෙන
රමණයෙන් බැඳ දමා
හීලෑකරන්නෙමි .

බුරුම අසිපත ඔබටය
බුරුම දුඹුරු කත මටය

(අශෝක හඳගමගේ ‘අල්බොරාදා’ ( Alborada )
චිත්‍රපටය නැරඹීමෙන් පසුව
ලියැවුණකි.