ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නෙත් පිය වසමි ඔබ දැක ගැන්මට

නෙත් පිය වසමි ඔබ දැක ගැන්මට

කිවිපති ආසිරි විජේසේකර
2021-June

සඳ එද්දී හිරු හොරෙන් අවරගිර වෙත හැරී
නැති කරයි පරිසරයෙ තිබූ සුන්දර සිරී
මූසලයි අහස් කුස නොදෙයි හිතකට දිරී
සිතක් ඔත්පල වෙලා උපන්නෙමි මැරි මැරී

වෙරළක් වෙතට සයුරක් එන විටදි ගලා
නැවතිය හැකිද මොර දුන්නත් පපුව පලා
හිරු සඳු හැංගිලා නිල්වන් තිරට වලා
හොරැහෙන් අඬනවලු නොකියම කදුළු සලා

හිරු සඳු කඳුල මුතු කැට මල් වැස්ස වෙලා
වියලුණු බිමක් කොල පාටින් එළිය කලා
නොමැරෙන සෙනහසක අරුමය පොතක ලියා
නෙත් පිය වසමි ඔබ මුව දැක ගන්න බලා