ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිළියකට පෙම් කරමි

නිළියකට පෙම් කරමි

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
2022-December

පෙම් කළත් මම මුළු හදවතින්

නුඹ නෙලා ගන්නට බැරි දුරින්

මං නුඹට පෙම්බැඳි බවක් මෙතරම්

දන්නෙ කොහොමද නුඹ ඉතින්

ඝණ අඳුර මැද සිනමා හලේ

ගත වුණත් ඔය නෙත් අබිමුවේ

ඔය දෙතොල් පොපියන රිදී තිරයත්

දුර වැඩියි උන්නත් ගැලරියේ

නුඹ නැතිව නුඹ සමගින් ඉඳන්

පෙම් කළත් ඔය ඇස් දෙස බලන්

සිත අපාගතවී විඳියි දඬුවම්

නිළියකට පෙම් කළ පාපයෙන්