ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිවාඩු ගිය සඳ…

නිවාඩු ගිය සඳ…

කාංචනා පෙරේරා කපුගේ
2021-December

සඳක් හෙමිහිට අහසෙ සතපා
වලාකුළු සළු වලින් පොරවා
තනි කමට තරු පොකුරු රඳවා
හිරුත් රහසින් නික්ම ආවා…

සඳක් නිදිගත් ගගණතම පාළුය
තරු කැකුළු සිය දහස් පිපුණද
සඳ දෙනෙත් අද විඩාබර විය
හිරුත් නොදකින ලොවම අදුරුය

පුරා අටවිසි දිනක් වෙහෙසී
ලබන එකම එක දිනකි මෙලෙසේ
විසල් මේ මුළු අහසටම සමුදී
සැඟව යන්නෙමි අමාවක වී……

29-11-21