ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිදහස – 74

නිදහස – 74

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
2022-February

නිදහස – 74

ඒරොප්පෙ සැප රියෙන්
උළෙලට සැපත් මැති
ලක් පොළොව සිප ගති
පැළැඳි පාවහන් ඉතලි

වෙඩියමූර සැලියුට මැද
සමරා නිදහස එසෙව්වා
පකිස්තන් යවට රිට මුදුනත
චීන දේසේ සැකසු
සිහ ධජය

30 – 01 – 2022