ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිදහසක් නැති නිදහස

නිදහසක් නැති නිදහස

ආරි ලියනගේ - ඉතාලිය
2021-March

ඉකි බිදිමින් වෙරළ මත
හඩන්නෙ මහ සයුර අද
හැත්තතුන් වසක නිදහසේ
දුක් විදිනා මිනිසුන්ම දැක

කම්පා නොවෙද පොලෝ තල
මේ අයුක්තිය දැක
කෝටි ගනනක වාහන
එකිනෙකා පෙලට එන
උජාරුවෙන් සැමරුවේ එකතුව
කාටවත් නැති නිදහස
තම පුරවැසියන් එතර
තබාගෙන හිරකර

ලියන්නට කියන්නට
වැට බදිනා රටක
නීතියේ දේව් අඟන
දූෂණය කරන රිසි ලෙස
අනාගතයක් දූ පුතුන් හට
පේන තෙක්මානයක වත් නැත
වෙඩි මුර තියා සැමරුවේ
උන්ගෙම
වල් බූරු නිදහස මිස.