ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නෑදෑයො එන්නේ සොහොන ළගට විතරයි

නෑදෑයො එන්නේ සොහොන ළගට විතරයි

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-June

උඹ විතරක් ඇයි තාම මෙතන
පිටුපසින් පැමිණි කව්දෝ
උරහිසට අත තබනු දැනුණා
හ්ම් ….උඹත් ආවද වේලාසනින්

මට බෑ සෙට් වෙන්න අද
කනත්තේ මුරකරු හඬ අවදි කලා
ඵ් හඬ කඳුළු ගංගාවක්,……
පියදාසත් ගියා අපිව දාල,…

මම අද හොඳ සිහියෙන්
පියදාසට තනි රකිනවා
උඹත් නැවතියන්,. …..
ඔව් මමත් ඉන්නම්,…..
අපි හොඳ යාලුවොනෙ බං,…
හ්ම්,….පියදාස අපිට කලින් ගියා
බෝතල් එපා අද
ඌබර් …. ඵකක් ගෙන්වා ගමු

උදැසන ඇසූ බණ මාතෘකාවෙන් මා දුටු මිත්‍රත්වයයි

19/5/2023