ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නළඟන

නළඟන

චතුරි වික්‍රමාරච්චි - එක්සත් ජනපදය
2022-February

ඇය
අනාගත රෝස කුසුමන්
නෙලන්නිය
රැයක් එළිවන තෙක්
රඟන්නිය
නිරුවතින් සිහින දකින්නිය

ඇය දෙස බලා
මදුවිත බොන
ඇස් දහසක්
ඇයට ගිජුවී
විසික් කරයි ඈ දෙසට
ඩොලර් එකක් දෙකක්
තව දුන්නොත්
ඇය තව රඟන්නිය

ඇසෙයි වීදුරු ගැටෙන හඬ
සංගීතයත් සමඟ
අතින් නො අල්ලාගෙන
නෙතින් ළංවන
ගිජු ළිහිණි කැල
ළං වෙයි ඈ වෙතට

එළිවන ජාමයේ
පාවුනු ඩෝලර් ඇහිඳගෙන
ඇය දුවයි
මේ ඉන්න තැනින්
අනාගතයේ සිහින දකින්නට

වෙන්නට
වෛද්‍යවරියක්,
එක්කො
ඉංජිනේරු වරියක්,
නැත්නම් ලෝකයම
පිළිගත් උසස් තැනැත්තියක්

නළගන ඇයයි
ඇගේ සිරුර
රෝස මල් හා
ඩොලරය මත
ලන්සු තැබු