ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නමක් නැති බැඳීමක්

නමක් නැති බැඳීමක්

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2023-May

නමක් නැති බැඳීමක
අයිතියක් නොසොයාම…
පිදුව ස්නේහයෙ කුසුම…
දරන්නට බැරි වේද – නුඹේ හද පුදසුනට…

සඳ නොමැති අමාවක
එක් නිශා යාමයක…
සඳ ළඟම තනි රැක්ක…
හඬන බව තනි තරුව – නොකීවෙද නුඹ එක්ක…

කොතෙක් මල් සුපුෂ්පිතව
තිබුණ මුත් උයන්වල…
ගිනි ගහන කෙම්බිමක
පිපුණු ඒ පතොක් මල….
පැතුවේම වඩින්නට
නුඹේ හද පුදසුනට…