ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නත්තලට ගෙට ආ ලිය

නත්තලට ගෙට ආ ලිය

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
2023-January

පාටත් උසත් හැඩ රුව ගැන හොයා බ ලා
ගෙන ආවෙමි ලියක් නත්තල ලං කර ලා
සරසා ඇයව නෙක විසිතුරු දේ පට ලා
තරු ඔටුන්න තැබුවෙමි හිස මත රඳ ලා

ඇය ලස්සනයි කියලා කවුරුත් කිව් වා
සතුටු වෙන්න තෑගි බෝග ලඟ තිව් වා
ඇගේ සුවඳ මුලු නිවසම පිබිදෙව් වා
ඇය වටේට පොඩි උන් නිතරම දිව් වා

සන්තෝසයෙන් හිටියත් නත්තල් දා ට
කැමැති නැහැ වගේ ඉන්නට තව එක ට
උනා දමා සරසා තිබු සළු ගත ට
සැරසෙනවා වගෙයි යන්නට ගෙයින් පි ට

නව වසරේ සුබ පතමින් ලඟ සිටි යා
පැහැය සුවඳ ලස්සන අඩුවෙලා ගි යා
ඉඳිකටු තුඩු බුමුතුරුණට ඇලී ගි යා
රුක්ලිය ඉන්පසුව ගෙදරින් පිටව ගි යා !