ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙවිසි වසරක හීනයක්…

දෙවිසි වසරක හීනයක්…

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2022-February

දෙවිසි වසරක හීනයක්…

සතුටින්ම සමරමු හදවතින් …

දෙහද ගුලි වුනු දෙවිසි වසරක්

සෙනෙහසින් අප ලොවම නැහැවූ

හැඟුම් ආදර පුලිඟුවක්

හැම දේක කෙලවර දෙදෙන එකහිත

නොමැත එහි මහ අරුමයක්

දේව ආසිරි විසිරු කාලය අසිරිමත්

මීපැණි හීනයක්

රාජකාරිය උපරි තරමින් උසස් ලෙසටම

ඉටු කලා

සෑම තත්පර කටුව කොතනද උපකාර කර

සිත් සරු කලා

අප වෙතට එන ගිලනුන්ගෙ කය සහ මනස

එකළුව සුව කලා

අපරිමිත තුටු හදින් විඳ ගෙන දිවිය හැමවිට

රස කලා

පුංචියට හිත් කොනිති වූ නොවු කාලයේ

තැන් ඇතත්

අවබෝධයෙන්මයි දෙන්න

දෙමහල්ලන්ගෙ ජීවිතත්

දරුවන්ගෙ යහගුණ දකින විට තව

හීන දළුලන නිනව්වත්

ජීවිතේ නව අරුත් විඳිනට

දෙව් මවුන් ආසිරි දිරිය වෙත්❤️

Composed to celebrate our 22nd wedding anniversary falls on 04.02.22.