ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දියුණු දාට අපි අවුරුදු කමු යාලූ

දියුණු දාට අපි අවුරුදු කමු යාලූ

සමන්මලි සේනානායක - එක්සත් රාජධානිය (ගී පද රචිකාවී)
2023-April

එකම හිරුයි මගෙ අහසට පායන්නේ
ඒ හිරු රැසින් සඳ තරු සැම දිදුලන්නේ
අවුරුදු උදාකර බක්මස සරසන්නේ
කොවුලන් නදින් ගමටම එය සැලවෙන්නේ

දෙවටේ ගහේ අද පුහුලන් නෑ හැදිලා
ගස් වැල් කිසිත් නෑ සරුවට පල දරලා
පොල් නැති රොටී අම්මා කුස්සියෙ හදලා
මගෙ බාගයෙන් දෙන්නම් බාගය බෙදලා

අම්මගෙ වට්ටියට අද එලවලු නෑලූ
අප්පට මනින්නට කුරිනියෙ වී නෑලූ
අත්තම්මට බෝතලේ බෙහෙතුත් නෑලූ
අවුරුදු කල් අරිමු අපි කොවුලනි යාලූ

අක්කගෙ ගවුම් ඔක්කොම දැන් පරනයිලු
අයියගෙ සපත්තුවෙ අඩි තැන තැන නෑලූ
දියුනු වෙමින් රට තාමත් යනවාලූ
දියුණු දාට අපි අවුරුදු කමු යාලූ