ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දින සටහන්

දින සටහන්

කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය
2022-May

දිනපොතකි නුඹ
දිනපොතක් නැති මට..

හලාහල විෂ කලතා
රහසින් මතුර මතුරා
වත්කරන අපූරුව හිත මතට
ලියන්නට පන්හිඳ ට බලකරන

වපුරා සැහැසි බිජුවට
ඵල දරනතුරාවත් නොසිට
දැවෙනා අයුරු මා සිත
බලා හිනැහෙන කුරිරුකම ගැන
ලියන්නෙමි සුදෝසුදු පිටු මත

රුපු සෙනග සේනා මවා
ඔවුන් හා රොද බැඳ
එරෙහි කර මුළු ලොවම රවටා
සැනහෙනා සැටි නුඹ
පන්හිදට වත්කර කදුලැලි
ලියන්නෙමි ගෙවෙනා සැැම දින

දවස ගනනේ පැයෙන් පැය
එකකට එකක් පැැහෙන
අමුතු අරුමැති දේ ලියන්නට
ලියා සගවා තබාගන්නට
දින පොතක් වුු අයුරු
නුඹ මට!!