ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෑවැද්ද

දෑවැද්ද

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - ඕමානය
2021-August

සිලක් පෙම් තිර පහන් දැල්ලු
විලක් ලෙස සිසිලසක් පෙන්නූ
සිතක් තෙත් කර මිලක් ඉල්ලූ
මලක් මම දෙබරෙකුට ලංවූ

හිතක් නැති මුදලක්ද ලන්දු
බිලක් ලියමින් හුයෙන් බැන්දු
ලියක් නොව ශේෂයක බින්දු
දුකක් සිත යට සිනහ සින්දු

මලක් ලං කර සුවඳ බැන්දු
කලක් කඩුපුල් රැයක කැන්දු
ඉඩක් සොය බාදුරා ඉන්දු
නුඹත් බඹරෙක් බඹත් ඇන්දූ

7/2021