ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දැන් ඔන්න එහෙනං !

දැන් ඔන්න එහෙනං !

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2022-December

දැන-කියා ගන්නටත් එක්ක මග
හැබැයි නුඹෙ බරටත් වඩා බර
අදින්ටයි වෙන්නේ – වයිරෝ
ඔන්න එහෙනං
බැන්ද මං බරබාගේ!
“ඉදකිං පව්කාරයා!! තොප කොහේ යන්න ද බොලව්
මේ පව්කාර උහුවත් බැන්දෙ බරබාගේ…?”
හිටිය එකා අලියෙකුගේ තරමට
කාලය සින්දේ උහුගේ යව-ජව
කෑවෙ-බීවෙ නෑ ඉස්සර වාගේ…
එන්න-එන්න ඌ කෙඩෑරි වෙනකොට
ඇද්දේ නෑ උහු කිසි ම බරක් -ඔහෙ
වැතිර හිටිය මිස වත්තෙ තැනින්-තැන
වැඩක්-පලක් මට කර දුන්නෙත් නැහැ
මුදල්-හදල් මට ඉන් ලැබුණෙත් නැහැ
බලා ඉදල මං බැරි ම තැනේ දී
පාරුක් මුදලාලිට ඌ වික්කේ!!!
“ අනේ තෝ නොසංඩාල වධකයා!
පාරුක් එල්ලයි ඌවත් කොක්කක තැනින්-තැන!
මස්කඩේ ලස්සනට පෙනෙන්නට!!!”
බලාපංකො මේ නාඹර වයිරා
පැටිය වුණත් කර තලා-අඹල මං
බැන්දේ බරබාගෙට බර අදින්න…
මස්ගොබ පුරවා-දමා හැදෙන විට
අලියෙකු වාගේ ඇග ලොකු වෙනකොට
උගේ බරත්! ඇයි අපේ බරත් ගෙන
අදී සකය වේගෙන් කැරකෙන්නට…
“තොපිට නොවැටහෙන කරුමයෙ කළුගොනු-තොප පිටුපස්සේ එනවා හරියට
ගොනු පසුපස කැරකී එන සක මෙන්
කැරකි-කැරකි දිවිසරණ තුරාවට
භවයෙන්-භවයට උපදින වාරෙට…!!!”