ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තුන් හිතම නිවාලූ නුඹ අසම්මතලූ…

තුන් හිතම නිවාලූ නුඹ අසම්මතලූ…

එරන්දි එම් සේනාරත්න
2023-May

තුන් හිතම නිවාලූ
නුඹ අසම්මතලූ..

විඩාපත් දෑස් යුග
හැරී වත් නොබැලූ
ගිලන් වූ දින වලදි
බඩු පොලවෙ ගහපූ
දන ගගා බඩ ගගා
උයපු බත් ගිලපූ
කට ඇරලා කිව්වේම
තිරිසන්ලු ගැහැණු….

හිත පුරා දුක් සුසුම්
නෙත් පුරා කියවූ
දකින දසුනක පවා
හිත විඩා දුරලූ
හිස පුරා අත යවා
නෙත් කඳුළු පිසලූ
හිතක් ළඟ නැවතුනා
වරද මාගෙමලූ…….

උරහිසට බර කරන්
මගෙ කතා අහපූ
අයිතියක් නැති තැනක්
ප්‍රේමයක් වැපිරූ
නළල් තල රිද්දවා
තැබූ මුදු හාදූ
තුන් හිතම නිවාලූ
නුඹ අසම්මතලූ…….

2023-04-28