ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තාවකාලික ලෝකයකි මේ

තාවකාලික ලෝකයකි මේ

ප්‍රීති රන්දෙණිය
2021-March

තාවකාලික ලෝකයක් තුල සදාකාලික දේ නැතේ
ඇතිවෙනා මේ හැම දෙයක් තුල නැතිවෙනා අරුතක් නැඟේ
පියෙන් පිය නැඟ අනන්තයෙදිත් නොමැත ආශා සන්සිඳී
හඹ හඹා මේ ලොවට ආ අපි යන්නෙවත් සතුටින් නොවේ

හුඟක් දුර අපි ආ නිසා – හුඟක් අය හමු වී ගියා
හිනාවුණ තරමටම කඳුලුත් – ඇස් අගින් ගිලිහී ගියා
බෙදාගත් දේ මුව තබන්නත් කළින් සමහරු දා ගියා
බෙදාගත් දේ බෙදනු බැරි අය හිස් අතින් පිට වී ගියා

හිමි වුනොත් එය රැකිය යුතුනම් හිමිවීම දුක බව දැනේ
අහිමි වුවොත් ඊට වැඩියෙන් දුක දැනී හදවත පැලේ
සියලු දේ හැර යා යුතුම මුත් දැන දැනම බැම්මෙන් බැඳේ
නිවන් දොර ලඟ ආශා පොදි බැඳ සසර රෝදෙම කරකැවේ