ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තවම සොයනවා

තවම සොයනවා

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2022-June

සසරෙ හුරු පුරුද්දට
මුණ ගැහෙන බොහෝ අය
සතුට දුක දෙක අරන්
අප අතර සරනවා…

මිතුරු වෙසකින් පැමිණ
හිතට වස විස පොවන
අය ලැබුණෙ පෙර කරපු
පවකටැයි සිතෙනවා…

බැන වැදී ලෙස හතුරු
යහපතම පතන උන්
මුණගැහුණෙ පරම වූ
පිනකටැයි හැඟෙනවා…

කොතෙක් කල් ගත වුවුත්
හැර දමා නොයන අය
දුක සතුට විඳ දරන්
හැමදාම ඉන්නවා…

සංසාරෙ පුරුද්දට
වඩා ලොකු දෙයක් ඇත
එහි තිබෙන යටි අරුත
තාම මම හොයනවා…