ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තවත් එක් හමුවීමක් …….

තවත් එක් හමුවීමක් …….

දීපා ද සිල්වා - ලන්ඩනය
2022-November

සැනෙකින් නතර විය
අකීකරු සුළං රැල්ල
ගසා ගෙන ආ
තුරු පතක්
දෙපතුල් ලග
හිස එසවුවෙමි
බලන්නට
සොදුරු දගකාර බව
නමුත් කේඩෑරි අතු පතර
තෙත් කරවීය
නුවන් යුග
පොරොන්දු විය
ඉන්න බව
හැම කටුක නිමේෂයකදීම
නමුත් හැර ගොස්ය
තවත් එක් මන්සලකදී
එය තවත් එක් හමුවීමක්
පමණක් ම බව
පසක් කර ……..