ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තක්සලාවේ දී කෙටූ විදිල්ල

තක්සලාවේ දී කෙටූ විදිල්ල

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2023-May

දිවුරලා ඔබට මෙමා කියන

නොකී කතාව යි

සත්තට ම එදා මං ආවේ

ශිල්ප සොයා මැයි

ඒ වුනාට මගේ හිත පුරාම

උන්නේ නුඹ මැයි

නෙත් කොනින් බලා

හී සර විද

හිත් පතුල සිදුරු කර

මගේ හිත පුරාන රෑ පුරාම

නුඹ දුන්න වේදනා බෝ මැයි

උන්න ගමන් මට නොකියා

නුඹ නොපෙනී ගියේ ඇයි

නුඹ දන්නවාද එදායින් පසු

මට කුමක් වුණාදැයි

මම හුඟක් හිතලා හිතා ගත්ත

මට කුමක් වුණත්

නුඹට කමක් නැතැයි

නුඹ කතා කළේ මාත් එක්ක

ඇස් කොනින් ම පමණයි

ඒ ඩිංගට මගේ හිතේ

මං නුඹ මෙහෙසිය කලා ට

මං හුඟක් හිතල හිතා ගත්තා

නුඹ වග කිය යුතු නැතැයි

මම හුඟක් හිතලා හිත හදා ගත්තා

ලෝකයේ හැටි එහෙමැයි

ඒ වුනත් තාම ඉඳ හිට ලා

නුඹ මගේ හිතට ගොඩ වන්නේ ඇයි

07-09-2021

සිතින් පමණක් පෙම් කළ ඇය

තවමත් ඉඳ හිට හිතට ගොඩ වන

අරුමය කුමක් ද ?