ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවිතය නම් නුඹම පමණකි

ජීවිතය නම් නුඹම පමණකි

කාංචනා පෙරේරා කපුගේ
2021-November

සෙනෙහස මහමෙරක් පපුතුරෙහි හංගාන
සෙවනැල්ල සේ හිඳී ජීවිතයේ හැමදාම
කදෝපැණි එළි නැතත් ජීවිතය දල්වන්න
නුඹේ එක හිනාවක් ඇති අඳුර දුරලන්න…

නොලැබුනත් කිසිවක්ම දුකක් නැහැ මට දැණුන
නුඹ හිඳින බව දනිමි මගේ හැම හුස්මකම
මෙතෙක් ආ මඟ නොමඟ හිත රිදුණු හැම වරම
ලොවේ අන් යමෙක් වෙද නුඹ තරම් හිත නිවන…..