ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුමට…

කුමට…

ආරියරත්න ජයසිංහ - මහරගම
2022-May

ගෑස් කුමට පන්දහටත් ගන්න බැරී
ටීවී කුමට දවසෙම විදුලියත් නැතී
රයිස් කුකර් කුමටද බත උයනු බැරී
දර ලිප කුමට කැඳ උගුරක් හදනු බැරී

කුඹුරු කුමට වී ටික වපුරන්න බැරී
කෙත්වතු කුමට පලදාවට පෝර නැතී
වාහන කුමට ඒවට තෙල් ගන්න නැතී
අධිවේගේ කුමට වාහන යන්න බැරී

අත පය කුමට පෝ ළිම්වල ලගිනු බැරී
චන්දය කුමට ඉලපතවත් ගන්න බැරී
මැති ඇමතින් කුමට ගම රට යන්න බැරී
මැති සබයක් කුමට විසඳුම් දෙන්න බැරී

ආරියරත්න ජයසිංහ
මහරගම