ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කැළෑ මළ

කැළෑ මළ

සන්ධ්‍යා කපුකොටුව
2023-March

කැළෑමලේ නුඹ පිපිලා
උස අත්තක වනන්තරේ
හරිම ලස්සනයි
ම්…. හරිම ලස්සනයි

ලතා මඬුලු සෙවන සදයි
සිතට ගතට සිසිලස දෙයි
වන බඹරුන් වටේ නටයි
ගුම් නදදෙයි මිහිරි නදින්

තඹර විලට සඳ පායයි
රතු නෙළුමින් කුඩය සදයි
නොයනු මැනවි ඒ පැත්තට
නුඹ හරිම ලස්සනයි
කැළෑ මලේ