කාසි එපා ගෙදර වරෙන්….
රන් තැඹිලි පැළය දැන්
ලොකු වෙලා ගෙඩි වරයි
හෙන්දිරික්කා මල් ගහත්
මැලවිලා බිම බලයි
පොල් අත්තෙ රටා නැති
මිදුල හැඩිවෙලා වගෙයි
ගල් මතුවු ලිබ්බොක්කෙ
හුඹස් මැටි ඉකිගසයි……….
කියන්නේ කාට මම
මෙහේ ඇවිලෙන ගින්න
හිඳින්නේ දැවි දැවී
ගෙයත් උනදා සින්න
හඬන්නේ බඹසර බිඳී
මගේ කෙල්ල සේ වැලහින්න
රිදෙන්නේ පෙනි පෙනී
බිඳුණු සිහිනය ඇන්න……..
උඹට ඇර මේ විපත්
පවසන්නෙ මම කාට
දුරක පියඹා ගියත්
සැපක් නම් නැතුවාට
නොහැක උහුලනු දෙඇස්
වාන් දමනව රෑට
දුවල ආපහු වරෙන්
මැකෙන්නට පෙර පාට