ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවි කෙටියෙන්

කවි කෙටියෙන්

කපිල කුමාර කාලිංග
2022-December

* මුද්‍රණ -ආලය

මුද්‍රණාලය වැසුණි
ආලය පමණක් ඉතිරි වුණි.

*තහනමකට පසුව

දුරු රටක
ගසක් හඬයි
කඩදාසියක් ව
මියෙනු නොහැකිව
අකුරු සුව‍ඳ විඳිමින් .

*සරස්වතියගේ ඉරණම

හැටෙන් ගිය පෙන්ෂන්
සරස්වතී මැඩම්
ශ්‍රියා ඉදිකර දුන්
වැඩිහිටි නිවාසෙලු දැන්.