ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවිය

කවිය

විදර්ශා පතිරත්න - කොබෙයිගනේ
2023-April

පදින් පද ගලපමින් සියළු දොාස් හැරිය
පන්හිඳේ තුඩ අගින් නැවතිල්ලෙ පිරිය
ඇසිල්ලක බැල්මකින් නොදුන්නත් සවිය
නුඹයි මගෙ පන්හිඳේ ලස්සනම කවිය

මාත්‍රා අවතැන්ව සිත නොදී පිරිය
නේත්‍රා විපිලිසර වමාරා හැරිය
සිහිනෙනුත් පිලිකෙව්ම කලෙන් හොඳ හරිය
නුඹයි මගෙ පන්හිඳේ වැරදිච්ච කවිය

හුස්ම හිරවෙන තැනට වදන් දිග හැරිය
කීතු කර ඉරුවාම හිත් ගැඹුරෙ සිවිය
කැමැත්තෙන් අකමැත්ත පෙරට ගෙන දිරිය
නුඹයි මගෙ පන්හිඳේ අවසාන කවිය