ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කර්මය…!

කර්මය…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2023-March

දුටුවම යමෙකුගෙ යහපත සිතට එනවදෝ තරහක්…
පටුවම සිතලා ඒ ගැන වෙනවද ඔබෙ වත කොරහක්…
කැටුවම යන රුදු සිතිවිලි වෙනවා ලුනෙ රස අහරක්…
ඉටුවම මරුගේ අදහස්, විඳවයි
ලැබ මරු පහරක්…

පතුරු යව යවා නැති තැන, හදමින් පද බෙදන අතර…
සතුරු සිතින් අනුන් පෙලන කල සිත තුටු වුනත් නිතර…
මිතුරු වෙසින් උන්නත් ඒ කරන පවට, අපා සතර…
කතුරු මුවත් කරනවාලු කපන්න
දිව, හතට විතර…

වට්ටන්නට හදන කලදි දියුණට යන තම සගයා..,
දිට්ටදම්ම කර්ම ලෙසින් පසු පස එන බව ‘දඟයා’…
කට්ට කන්ට වන තෙක් වටහාගන්නට බැරි වගයා..,
‘දුට්ටකමට වන දඬුවම’ සිතුවොත්
එහි ඇත අගයා…

දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා