ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කඩා වැටුන තරුවක්

කඩා වැටුන තරුවක්

ආරියරත්න ජයසිංහ - මහරගම
2022-August

සඳ හැංගී ගිය අමාවක දවසක
අනන්ත ග්‍රහ තරු දිලෙන රෑ මැදියම
පටු දේශසීමා නොමැති හිස් අහසක
ග්‍රහ යුද්ධයක් සිදුවිය දෙදරවා නුබ ගැබ
ඇසුනි දසතින් අසණි සෙණ අවි පුපුරනා හඬ

එක් කුඩා තරුවමියක් අහිංසක
වැදී මිසයිල් පහරක් බිඳී හදවත
කඩා වැටුනා හිමාලය කඳු මත
දැවෙන උල්කාපාතයක් විලසින
දෙදරවා මෙහෙසුරුගෙ කෛලාශ කූටය.

මෙහෙසුරු තෙමේ රැගෙන එය තම දෝතින්
තැන්පත් කළා සුරැකිව අති මහත් බැතියෙන්
මිනිසත් වගට මතුනොව සව් සතට අදරින්
පෙම් කරන එක් කුඩා මිනිසෙකුගෙ නිතියෙන්
සුවිසාල හදවතේ සැමදා දිළෙන විලසින්.