ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ හමු වීමට මම පින් කල බව දනිමී

ඔබ හමු වීමට මම පින් කල බව දනිමී

ලක්ෂ්මි දමයන්ති
2022-August

ආචාර්ය ලක්ෂ්මි දමයන්ති
බින්ග්හැම්ටන් විශ්ව විද්‍යාලයය
නිව් යෝර්ක්

නෙත් මානෙක නැතත් සොඳුරු කතා ඇහෙනවා
ඔය සෙනෙහස දැනී හිතේ කඳුලු ලිහෙනවා
ළං වෙන්නට බැරි තරමට දුරකි දැනෙනවා
මහා බරක් උසුලා ගෙන කන්ද නඟිනවා

දුෂ්කර ගමනෙක යන දුක සැප දරා ගෙන
ගැඹුර දනිමි නිසලව ගලනා වු ගඟුලෙක
හැපි හැපි සැඩ පහර කකා යන්නෙ නිහඬවම
අපෙ හිත් මෙතරම් සියුමැලි වුණේ කොහොමද

ආදරයට ආදරයෙන් පවසමි සබඳේ
ළං වී ඉන්නට පමා වැඩියි මේ සසරේ
එක් වී හිනැහෙන්නට ලැබෙනා හැම මොහොතේ
ලද දේකින් සැනහෙන අපෙ හිත් සරලයිනේ

දුන්හිඳ අද්දර ඉඳ ගෙන අපි කවි ලියමූ
සඳවතියට දුරින් ඉඳන් අපි අත වනමූ
සෙල් ලිපියකවත් නැති පෙම් සබැඳුම් හොයමූ
හමු වීමට ලද පින් මහිමයෙන් සැනහෙමූ