ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ සහ මම

ඔබ සහ මම

දිලුප් චාමර සෙනරත් - රාජගිරිය
2022-February

වෑහෙනා වාරුණී මී බදුන් පුරා
මදු විතක් මවා ගෙනේ මට ඔබේ සිනා
පීදෙනා මාලතී මල් ගොමු නවා
පිරි සහන් සුවේ ගෙනේ මට ඔබේ කථා

තාරුකා කඩා හැලේ වාලුකා පුරා
නීල පලිගු නෙත් ඔබේ රූ අඹර සරා
මාරුතේ පවා ඇදේ සුවද මල් ගෙනා
සීත සුමුදු සුව දැනේ ඔබ ලගින් හමා

පෑහෙනා හැගුම් ගෙනා වාසනා සදා
ජිවිතේ දුමාරයේ සෝ සුසම් නසා
වීදෙනා ප්‍රේමයේ සොදුරු තැන් සොයා
ගී පොතක් පිරී ගියා ඔබ නමින් ලියා