ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා…….

ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා…….

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා , කැනඩාව
2021-November

සමනොළ සිරසෙන් නැගෙනා හිරු සේ
පැතුමන් මගෙ හිත පතුලේ තෙරපී
දුවේ නුබව දකිනා හැම උදයෙම
මගේ හිතම පිරි පිරි ඉතිරෙනවා .

මහමෙර සේ දුක වෙහෙසක් දරලා
අම්මේ නුබ අප ගැන වද වෙනවා
දකිනා හැම මොහොතකදිම මට
ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා

මගෙ තුරුලේ කිරි උරලා බිව් හැටි
හැඩවී ගවුමින් වට කැරකුණු හැටි
හිත ඇතුලේ සේයා රූ මවලා
මගේ හිතම සතුටින් ඉපිලෙනවා

මේ හිම කතරේ දුක ජයගත් හැටි
වෙහෙස දරා අප හැඩි දැඩි කල හැටි
දකිනා විට ඔබ දුක උහුලන හැටි
ඇවිදින් ඔබ සිප ගන්න හිතෙනවා

සද තරු පිරි මේ සුවිසල් ගගනේ
ලෝකය විස්මන් තැනකිය නිබදේ
නොබියව හෙට ඒ ලොව ජයගන්නට
දුවේ නුබට සුබ පැතුම් ගෙනෙනවා

දවසින් දවසට කාලය ගෙවිලා
හෙට ලෝකෙට අපි පාවී යනවා
අම්මේ නුබ පෙව් කිරි සුවදේ බල
ලොව ජයගන්නට දිරියක් දෙනවා

මේ පදපෙල ඔබට ගීතයක් ලෙසින් අහන්න පුළුවන්

ගායනය – බුද්ධිමතී ජයසේකර සහ දැහැමි ජයසේකර
තනු නිර්මාණය – ආචාර්ය නන්දා මාලනී
සංගීතය – විශාරද දිනේෂ් බෝගොඩ
ගී පද – අනුරුද්ධ වැලිගමගේ