ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇසළ මාංචු සහ සජීවී විකාශන

ඇසළ මාංචු සහ සජීවී විකාශන

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2021-August

මොකටද හැබෑවට
පාවඩ මගෙ පයට
මේ එකම එක දවසට
හැමදාම මඩ විතරක්ම පෑගෙන මට

“පෙනේද කඳුළු කැට
ඔය පෙරහැරේ යන සතුටට”
ඇස් ලොකු මහත්කර කීවාට
රන්සිවිය බැදපු රෑනට
හිරවෙලා මගෙ ඉලඇට
කඳුළු ගැළුවේ උහුලලම
බැරි කොට

“සංවර ගමන උපාසක තාලෙට”
තළු මරයි තරගෙට
ඒත් හතර ගාතෙම කුදලලා එක මිටියට
කැපෙනවා යදමට
රතු මසත් මතුකොට

අන්තිමේ මළුවේ
දණ ගහනකොට
හොඬ ඉස්සුවේ අහසට
හෙන්ඩුවෙන් ඇනුම්කෑ රිදුමට
අප්පුඩි ගැහුවෙ සාදු කිව්වෙ ඇයි
පිංවත් මහතුනේ
මගේ ඒ රිදුමට කෙඳිරියට
එක දිගට

ඇහැල හඳපානේ
මට උනේ  ඔන්න ඔයටික
උන් අට්ටාල බැඳගෙන
කී තරමක්ම කීවෙ
මුසාවාද ගල් පැලෙන තරමට