ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇසළ මාංචු සහ සජීවී විකාශනයට පිළිතුරක්….

ඇසළ මාංචු සහ සජීවී විකාශනයට පිළිතුරක්….

අසංක වීරරත්න - කොළඹ
2021-September

මගෙ වටේ හිටියේම
බුද්ධිමත් පිරිසක්
ආනන්ද විතරක්
කල් ගත්තා ඩිංගක්

බඩ ගියා හොඳටම
හුස්ම පොද ඉගිලුනා සදහට
ඉන් පස්සෙ පිච්චුවද
අමු සොහොනෙ දැප්පුවද
දන්නෙ ආනන්දයි
සැරියුතුයි, මුගලනුයි

ඉන් පස්සෙ මිනියක්
උන්ට තව මොකටෙයි

ගලවගෙන රදනකේ
උගුල්ලන් ලලාටේ
හුඹස් වල හංගන්න
අලි පිටේ ගෙනියන්න
දෙසුවෙ නෑ දහමක්

මට ෂුවර් සැරියුත්…..