ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආවර්ජනා

ආවර්ජනා

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2022-November

පතා ගෙන ආ ලෙසේ සංසාරේ
නුඹ වුණා දිය පොද වියලි පොළොවට
එදා ප්‍රේමිය වෙලා සොඳුරිය
වුනා සඳ මට අඳුරු මඟ දිග

මල් මදාරා ප්‍රේම මාවත
කටු අකුල් පාදා පියමං කර
වුණා අප අපගේ
අපගේ ම සොඳුරු කුටියක

වෙලා පතිනිය මට මේ නවාතැන
වුනා නුඹ මව මගේ පැටවුන්ට
කලතා සතුට හා රිදුම් සම සමවට
බෙදා දුන්නා නුඹ මගෙ පතට
ලුණු ඇඹුල් නොබලා ම වළඳා
වෙහෙසුනා මම දිවා රෑ
පියකු වන්නට පැටවුන් ට

පිටු පා අතීතෙට
යටවුන කාලයේ වැලි තලාවට
අයා දෙනුවන් හිඳිමු
ළඟ ළඟ ම ඇති අම්බලමට
තවා ගත සිත රිදුම්
උරුම කළ එක යෞවනයක

08-09-2021

ජීවිතය කවියක් හෝ ගීතයක් නො වේ .

එහෙත් ඒ මඟ සලකුණු කවියට නැංවිය නොහැකියේ ද නොවේ