ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහසින් පොළවට

අහසින් පොළවට

කපිල කුමාර කාලිංග
2023-April

කෙටි කවි
දිගු කවි
දෙවැටකි මසිතෙහි

ගොතා එරමිණිය
හිඳ එ මැද
හිස් තීරයෙහි
බලා සිටිනෙමි
මහා අහස දෙස
සොයා නව කවියක්

කලක සිට දුටු
කවිමය
තවම එහි තැන තැන
සිතිවිලි පියා විදමින්
නගිමි ගුවනට
සොයා නව කවියක්

දිටිමි ඈතින්
පියාඹන පීරිසියක් ලෙසින්
සඳ තැටිය
ළංව බැලුවෙමි
පුස් කෑ කවියකි
සඳවත ගැන

සරා සැමත
සරදාකාසයෙහි
යළි බසිමි පොළවට
වෙහෙස පත් සිතින්

ලිහා එරමිණිය
පිය නගමි වීදිය දෙසට
දුබල පහන් එළි යට
ඇසෙයි රිද්මයකට
හුස්ම වැටෙනා හඬ
නව කවි දහසක

23/03/09