ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහස,සඳ හා කඳු මුදුන

අහස,සඳ හා කඳු මුදුන

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
2022-November

ඝනවන් අහස් තල සිඹ කඳු අග්ගිස්ස
නැඟෙමින් රඟන සඳ වෙත දෙයි ඉඟි වැස්ස
අතරින් පතර තරු එළි කඳු මත ඉස්ස
සන්සුන් වළාවක් එලුවා පිනිබිස්ස

තවමත් නිදිද රෑ කොමළියෙ ඇහැරෙන්න
සඳකත් වෑස්සෙනවා පිනි දැකගන්න
මදමත් කඳු සබඳ තුරුලට ඔබ යන්න
අහසෙත් සඳෙත් ගීතය නුඹ අහගන්න

සිපගෙන අහස, තවරා රන් සඳ එළිය
ලඹදෙන නදී වැල් වස්සා පෙම් ජලය
නොබිඳෙන නිහඬ රෑ මනරම් වූ කවිය
අවසන එළඹ නෑ කඳු ගීතාවලිය