ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවුරුදු පැතුම

අවුරුදු පැතුම

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2022-May

කාලය එක මිම්මක්
‘අවුරුදු’ තවත් පිම්මක්
පැතුම් මහ ගොන්නක්
ඔක්කොම හිස් පුස්සක්

ඇතැම් මිනිස්සු සතුන් පිරිසක්
මරා ගන්නා පිරිස රොත්තක්
මොලේ පරිණත වියත් දැහැනක්
වුවොත් පමණයි දිනූ අවුරුද්දක්

හැමෝගෙම ඇත්තෙ ලේ මස් නම්
කැකෑරෙන ලේ සුපිරි සුදු නම්
හද ගැහෙන හැටි එකම ලෙස නම්
ඉසි කෝ මාන පුරවන් ඇයි පර කම්

උඩින් හකුරු පූචානම්
යටින් හිතලු හරි කැත නම්
කටින් බතල කාරිය කළු නම්
එතන කොහෙද ‘අවුරුදු’ නම්

හැමෝගෙම, ‘බොක්ක’ හොඳ වේවා
හද පුරා, කිරි-පැණි ආදරය ඉතිරේවා
ඇස් කන්, හොඳ දේම හොඳින් දකීවා
ඔලුගෙඩි, තුල සාමයෙ පරවියන් රජ වේවා

14/04/22