ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අරුණෝදය එනවා! පායයි අපිට ඉරක්…

අරුණෝදය එනවා! පායයි අපිට ඉරක්…

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය
2022-May

යුධ හමුදාව යටතෙත් බස් ගිනි ගත්තා…

කවුදැයි දන්නෙ නෑ එය අවුලපු ඇත්තා…

බයට ම ෆේස් බුක් රට ගම වහගත්තා…

ටීටර් නො පෙන්නා බැස පලයං ……….

හොරකම් කරපු ජන ධන මංජුසාවත්…

ලංකා අම්මගේ නැසු පති වෘතාවත්…

ආපසු දෙතොත් නො කියා කිසි මුසාවක්…

අවුරුදු කනවා අපි පහ හය වතාවක්…

කැපියන් කැපිය යුතු නම් ලඟ පුලුටු දෙහී…

කළකම් සාප වී මහ එක එකා නහී…

ළඟදි ම ලක් මවට මල් වැහි පබලු වහී…

දියවන්නා රැජිණ නට නට ගලා බහී…

මෙතරම් අසිරිමත් මගෙ රට රැකගන්ට…

බැරි පඹ පාලනේ යනකොට වනසන්ට…

වරදක් නොවී ලක් මෑණිගෙ දරුවන්ට…

දිගසිරි ලැබේවා නූතන විරුවන්ට…

යළි ඔප දමන්නට ශ්‍රී ලංකා රතන…

වලි කන තුන් හෙලේ උන් නිදහස පතන…

වෙඩි නොව උල තියා මඟ මැරුවත් මෙතන…

පසු බැස නොයව්! පාවා නො දියව් සටන…

නිදහස් කරවමින් මහ පොළොවට ම බරක්…

දක්කමු ගාල වෙත අම්මව මරපු හරක්…

හොයමින් හෙට දිනක පොඩි පැටවුන්ට තෙරක්…

අරුණෝදය එනවා! පායයි අපිට ඉරක්…