ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අරගලයට පෙර ……

අරගලයට පෙර ……

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2022-May

දිනයක් ගෙවී එළඹෙන්නට පෙර දිනයක්
කළහැකි වුවද නොකරා නිසි ලෙස මෙහෙයක්
වරදක් නොකළ අය එක්වී ගෙන ධජයක්
පමණක් එන්න කරනට ජන අරගලයක්

ඇවිදින් සේවයට බෝ පැය පමාවී
පිටවෙයි නියම කල හිමිහිට මුවාවී
තැන තැන රැඳී තොරතුරු නම් සොයාවී
එනමුදු රටට කළ කිසිවක් නොවේවී

පැය අට ගෙවා දමමින් රිසි විලාසෙට
එකතුව හදයි ඕ ටී නම් කලාවට
හැත්තෑ හතර වසරක් රට අගාදෙට
ගෙන ගිය මොවුන් යායුතුමය අපායට

දිගුකර ඇඟිලි පෙන්වද්දී අන් මුහුණු
තව හතරක්ය නොදැනිම ඔබ වෙත හැරුණු
අරගල කරන්නට පෙර රට කර පිළුණු
සවිමත් කරමු රට කර මෙහෙ මග ඇරුණු