ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්බපාලිත් විශාඛාවක්

අම්බපාලිත් විශාඛාවක්

ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව
2022-November

යට ඇඳුම මත රේන්දයෙ හැඩ රැයේ මත් වූ බඹරු දැක්කද?
නතර වී එක මොහොතකට හරි නිදි බරිත ඔය මුහුණ සිම්බද?
හෙට්ටු කර කර ගනන් ඇහුවම රතු වු ඇස් අග කඳුළු තිබ්බද?
රැයත් මලකට පින්න ඉස්සට අකුලගෙන ගියෙ ඉරට ඉස්සර

ඉතිරෙනා ණය පොතේ දෑලෙම රන හසුන් කිටි කිටියෙ තද වුන
තරුත් පිත වමනය කරද්දිම සඳත් සායක රැළි බිඳින සඳ
පතිණි සළුවක් අකුල අද්දර බැබලලුනා පොඩි වෙන්න ලං වුන
අම්බපාලිත් විශාකාවකි දණිහෙ මඩ තැවරෙන්න ඉස්සර

පතිනියකි අත හාල් තුන පහ තලා අඹ ඇට මදෙත් හෑරූ
සතා කිය කිය වටේ ගෑනූ චරිතයකි සහතිකත් දීපූ
තාල වර්ගයෙ ගසක් පාමුල ආදරයෙ මහ මුලම පීරූ
සිරිමගේ දෙන දැක්කේ නැතුවද ප්‍රසිද්ධියෙ වෙන්දේසි දාපූ