ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපේ ගමේ කඨිණ පෙරහැර

අපේ ගමේ කඨිණ පෙරහැර

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2022-December

වැඩමවනා දවස කඨිණය අපෙ විහාරෙට
ගම්මානයම යායක් වේ බුදු සුවඳම පැතිර
ගොඩ මඩ දෙකෙන් උපයා සපයා ගත් දෙයම
පූජා කරන්නට එන පෙරහැර හෙළ ගැමි කමය

රැය පුරා ගම වටා සරණා පෙරහැරට
තේ පැන් පිරිනමා දායක වන අය එමට
අප දුටු අපේ දිවියේ රසතැන් සුමට
යළි නැහැ ලබන්නට අප කරලා පින් මෙවක

කොස් කොළ නැට්ට පෙණෙනා තත්පරයේදී
සීමා මාලකය වෙත පෙරහැර ළංවන්නේ
බණ භාවනාවෙන් වස් තුන්මස ගත කෙරුණේ
සිල්වත් උගත් මහ තෙරණුන් වැඩ සිටියේ